කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් අද (09) දින උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ.
වාචික ප්රශ්න වලින් පසුව උදෑසන 10.30 සිට වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝග , විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ නියමයන් 8ක් සහ අපනයන සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාළ නියෝග ද විවාදයට ගැනීමට නියමිතව තිබේ. එමෙන්ම ආනයන , අපනයන පාලන පනතේ රෙගුලාසි තුනක් සහ සේවා නියුක්තිකයන්ගේ පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් පසුව සම්මත කර ගැනීමට නියත බව සඳහන්.