කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති පරිදි ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත් මෙම තත්වය හෙට (10) දින සුළිකුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බවත්ය.
ඒ අනුව බදුල්ල, ගාල්ල, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බව වාර්තාවේ.
මෙම අධික වැසි සහිත කාලගුණ තත්වයත් සමග ඇතිව තිබෙන සුළං හේතුවෙන් කහවත්ත නීලගම වතුයායේ අංක 5 කොටසේ නිවාස තුනක් මතට ගස් කඩාවැටී දැඩි අලාභ හානි සිදුව පුද්ගලයින් දෙදෙනෙකු හට තුවාල සිදුව කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.
ඉහත සදහන් දිස්ත්‍රික්කයන් හි ජීවත්වන ජනතාව නාය යෑම් තත්ත්වයන් පිළිබඳව ඉතා විමසිලිමත්ව සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරතිබේ.