ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ගිණිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සදහා රතු නිවේදනයක් නිකුත් කර සැලකිලිමත් වන ලෙස දන්වා තිබේ.
උතුරු අක්ෂාංශ 02ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 85 ත් 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් වන අතර එය විටින් විට පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බව සදහන්.
ඒ අනුව මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවට නිවේදනය කර තිබේ.