“ දේශීය ආදායම් ( සංශෝදන ) පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 28 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එම කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළ බව වාර්තා වේ.
ඒ අනුව කථානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමඟ “ දේශීය ආදායම් ( සංශෝදන ) “ පනත් කෙටුම්පත 2023 අංක 04 දරණ “ දේශීය ආදායම් ( සංශෝදන ) “ පනත ලෙස බලාත්මක වන බව සඳහන්.