තලේමන්නාරම, පනන්කට්ටු බටහිර ප්රදේශයේ දී වෑන් රථයකින් ගොස් පාසල් සිසුවියන් තිදෙනෙකුට චොකලට් ලබා දීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු ඊයේ (11)පස්වරුවේ තලේමන්නාරම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම වෑන් රථය තලේමන්නාරම ප්රදේශයේ රසකැවිලි ප්රවාහනය කරන (ඩිලිවරි) වෙළෙදසැලකට අයත් බවට පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
මන්නාරම ප්රදේශයේ සිසුන්ට චොකලට් ලබා දී පැහැර ගැනීමට තැත් කළ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ආන්දෝලනයක් හටගෙන ඇති අවස්ථාවක මෙලෙස චොකලට් ලබා දීමට උත්සාහ කිරීමේදී බිය වූ සිසුවියන් කෑගසා දිව ගොස් තිබේ.
මේ අනුව අවට සිටි පිරිසක් කළ දැනුම් දීමකට අනුව ආවේක්ෂණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් සැකකරුවන් දෙදෙනා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.