ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය කාලයේ උවමනාවෙන්ම ජනතාව දුප්පතුන් කර ඇති බවට සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
සුභසාධක ප්රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳව විවාදයට සහභාගි වෙමින් කබීර් හෂීම් මහතා මේ බව ප්‍රකාශ කළ බව සදහන්.
ඒ අනුව සමහරුන්ට දුප්පත්කමින් මිදෙන්නට ඉඩ නොදී විශාල ආදායම් පරතරයක් ඇති කර තිබූ බවද, 2019 දී දරිද්‍රතා රේඛාවේ 11% සිටි අතර මේ වනවිට 25% දක්වා වර්ධනය වී ඇති බවට පවසා තිබේ.
එසේම ලෝකයේ අඩුම සහනාධාර ලබා දෙන රට වන්නේද ලංකාව බවත් ,ලංකාවේ ලක්ෂ 55ක් පමණ දුප්පත් කොටසට වැටී තිබෙන බවද ගණනය නොකරන ලද දුප්පත් පිරිසක් අද රටේ සිටින බවද කබීර් හෂීම් මහතා සදහන් කර තිබේ.