මේ දිනවල කිරිගව සොරකම ඉහළ යමින් පවතින බවට ගොවි සංවිධාන නියෝජිතයින් විසින් සිඳු කරන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් කිරිගව සොරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලිසියෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබා දෙන ගව දෙනුන් සොරකම් කරන බවත් , එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගව දෙනුන් 35ක් පමණ සොරකම් කරන බවත් ගොවි නියෝජිතයින් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පැමිණිලි කර තිබේ.