බන්ධනාගාරයක් තුළ සිටින්නේ වැරදි කළ පුද්ගලයන් හෝ සැකකාරයන් බවට පත් වූ පුද්ගලයන් වුවත් බන්ධනාගාරයක් නිසා කිසිම වරදක් නොකර බෝගම්බර ගම්වාසීන් දඩුවම් විදින බව වාර්තා වේ .
ඒ අනුව බන්ධනාගාරයෙන් පිටව යන මල, මුත්‍ර රැගත් අපවිත්‍ර ජලය හේතුවෙන් ගම්වාසීන්ට උයාගත් බත් පත පවා ආහාරයට ගැනීමට නොහැකි තත්ත්වයේ දුර්ගන්ධයක් ගම පුරා පැතිර යන බවත් , මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරින්දැනුවත් කළ ද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් , එම නිසා ලිඛිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට , ආණ්ඩුකාරතුමාට , මන්ත්‍රීවරුන්ට , ප්‍රාදේශීය සභාවට දැනුම් දුන් බවත් , ඒ අනුව ප්‍රාදේශීය සභාපතිවරයා නියෝගයක් නිකුත් කර තිබේ .
එමෙන්ම විවිධ ස්ථානවල වතුර වලවල් පිරී ඒවායේ මදුරුවන් බෝ වීමට පටන් ගෙන ඇති බවත් , පාවහන් නොමැතිව මෙම මාර්ගයේ ගමන් නොකළහොත් ඇගිලිකරු කුණු වී කුෂ්ඨ රෝගයක් මෙන් සෑදෙන බවත් , මෙය එම ප්‍රදේශවාසීන්ට සහ ඔවුන්ගේ දරුමල්ලන්ට ඉමහත් කරදරක් බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
එසේම මෙම අපවිත්‍ර ජලය සමග එන අසූචි , පොලිතීන් කැබලි සියල්ලම මහවැලි ජලාශයට එකතු වෙන බව වාර්තා වේ.මෙම ජලාශයේ ජලය ජල පොම්පාගාරවලින් පිරිපහදු කර ජනතාවගේ පරිභෝජනය සදහා ලබා දෙන බවත් බොහෝමයක් දෙනා මේ වන විට සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පා ඇති බවත් වාර්තා වේ .
මේ ප්රශ්නය ප්‍රාදේශීය සභාවේ මගට ගොස් නතර වුණාද ? යන්න කිසිවෙකු නොදන්නා බවත් එහි බලධාරීන් මේ පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන බවත් ,ගම්වාසීන් සියලු දෙනාගේම සෞඛ්‍ය තත්ත්වය ගැන සිතමින් යම් සහනදායි පියවරක් ගන්නා ලෙසත් ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
මේ අනුව බන්ධනාගාරයක් නිසා කිසිම වරදක් නොකළ මිනිසුන්ට හිරකාරයන් මෙන් ජීවත් වීමට සිදුව ඇත්තේ මෙම අපවිත්‍ර ජලයත් සමග ඇති වන දුර්ගන්ධයක් නිසාවෙනි. දොරවල් වසා සිටින්නට වී ඇත්තේ මේ හා සම්බන්ධ බලධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් බවට පසක් වනු ඇත.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.