කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් එරට නීති උල්ලංඝනය කරමින් අනීතිකව රැඳී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් 32 දෙනෙකු අද (16) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.
මෙම පිරිස ගිවිසුම් ගත රැකියා ස්ථානයෙන් පලාවිත් කුවේට් ඩිනාර් 250ක් වැනි වැඩි වැටුප් ලබා ගැනීම සඳහා කුවේට් රාජ්‍යයේ පිටස්තර රැකියා කරමින් සිටින අතරතුර සිය කැමැත්තෙන්ම ශ්‍රී ලංකාව සඳහා යළි ඒමට තානාපති කාර්යාලය වෙත පැමිණ තිබේ.ඒ අනුව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් එරට පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ සාකච්ඡා කර එයට මැදිහත් වී කටයුතු කිරීමෙන් අනතුරුව මෙම පිරිස තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.