ලංකා විදුලිබල මණ්ඩලය ප්රව්යුහගත කිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ ලෝක බැංකු නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පවැත්වුණු බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව , ඉන්දියාව , බංගලාදේශය සහ භූතානය වෙනුවෙන් කටයුතු කරනු ලබන විධායක අධ්යක්ෂවරයා සහභාගී වී තිබේ.
විදුලිබල ක්ෂේත්රයේ ඉදිරි කටයුතු සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇති අතර සුළං බල ව්‍යාපෘතිය මෙන්ම ඉදිරි පුනර්ජනනීය බලශක්තීන් වෙනුවෙන් ලෝක බැංකුව ලබා දෙන මූල්‍ය සහාය සම්බන්ධව අමාත්‍යවරයා සිය ස්තූතියද පුද කළ බව සඳහන්.