එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත් වීමත් සමග මෙරට වෙරළ තීරයට පැමිණ ඇති ප්ලාස්ටික් රසායනද්‍රව්‍ය වැනි අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු භාරව ඇත්තේ මෙරට පිළිගත් නව නිර්මාණ ශිල්පියෙක් වන චින්තක වරාගොඩ මහතාටය.
එම මහතා චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර් ජාල නාලිකාවකදී පැවති සකච්ච්වකදී සිදුව ඇති විනාශය පිළිබඳව මෙන් ම ඉදිරියට සිදුවිය හැකි විනාශය පිළිබඳව ද දීර්ග වශයෙන් කරුණු ඉදිරිපත් තිබේ
එහි දී ඔහු සඳහන් කරන්නේ මේ වන විටත් වෙරළේ අඩි 07ක් පමණ ඝනකමකින් යුක්තව මෙම රසායන ද්‍රව්‍ය තැන්පත් වී , මුහුදු ජලයට තෙල් ද මිශ්‍රවී ඇති බවය.
සිය රටේ සාගර පද්ධතියට වී ඇති විනාශය රූපවාහිනිය ඔස්සේ ඇස ගැටීමත් සමග ඔහු එම විනාශය අවම කිරීමට හැකි නව නිපයුමක් සිදුකර ඇති අතර පසුව මීප ආයතනය සමග කසාකච්ඡා කර ඔහු මෙම යන්ත්‍රයද රැගෙන අත්හදා බැලිම් සිදු කර ඇති අතර එහි දී මේ සම්බන්ධයෙන් කටයුතු කළ විදේශ සමාගම් නියෝජිතයින් ද මෙම නිපයුම විශිෂ්ඨගණයේ එකක්යැයි පවසා වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු භාර දි ඇත.
එහි දී ඔහු නැවත වරක් මෙම නිපයුමට වඩා වැඩි තාක්ෂණයක් යොදා ගනිමින් වෙරළේ ඇති මයික්‍රො ප්ලාස්ටික් මට්ටමේ අපද්‍රව්‍ය පවා ඉවත් කළ හැකි තවත් උපකරණයක් ඉදිරිපත් කර එයින් මෙම වෙරළේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු සිදුකර ඇත.
මෙම ක්‍රියාවලිය මාස 02ක පමණ කාලයකින් අවසන් කිරීමට හැකියාව මෙන් ම තාක්ෂණය ද ඔහු සතුව ඇති බව සඳහන් කර ඊට අවශ්‍ය කරන වියදම තක්සේරු කර මෙම විදේශිකයින් හමුවේ පවසා ඇති අතර එහි දී ඔවුන් පවසා ඇත්තේ මාස 06ක කාලයක් ගෙන මෙම ක්‍රියාවලිය සිදුකරන ලෙසය.
මොහු මේ වන විට මෙම ක්‍රියාවලිය සඳහා විශාල මුදලක් වැය කර ඇති නමුත් මේ වන තෙක් මීප ආයතනය සමග ඇති කරගත් ගිවිසුමට අනුව එක් රුපියලක් හෝ ඔහුට ලැබී නොමැති බවය පවසයි.
මොහු විසින් නිර්මාණය කරන ලද මෙම නව උපකරනයෙන් මයික්‍රො ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍ය ආදිය ද ඉවත් කිරීමේ හැකියාව පවතින අතර එය මෙම විදේශිකයින්ට විශාල ගැටලුවක් වී ඇත. එහි දී ඔවුන්ට ගෙවීමට සිදුවන වන්දිය විශාල විය හැකි නිසා ඔවුන් බිය වී ඇති බවද ඔහු සදහන් කරන ලදී. .
මොවුන් මෙම මයික්‍රො ප්ලාස්ටික් ආදිය ඉවත් කිරීමට විරෝධය පලකර ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ මෙම මයික්‍රො ප්ලාස්ටික් ආදිය මෙම වෙරළේම තිබූ ඒවා විය හැකි බවයි.එමෙන් ම මොවුන් මෙම මයික්‍රො ප්ලාස්ටික් ඉවත් කිරීමේ ක්‍රියාවලිය නවතා දැමීම සඳහා චින්තක මහතාට මුදල් ලබා දීමට ද උත්සහ කල බවද සදහන් කරන ලදී.
නමුත් ඔහු ඒ සියල්ලට විරුද්ධ වීම හේතුවෙන් අවසානයේ මෙම විදේශිකයන් විසින් ඔහුට මරණීය තර්ජන පවා එල්ලකර ඇත.මෙම අවස්ථාවේ දී පවා මීප සමාගමේ නිලධාරීන් දෙදෙනෙක් එම ස්ථානයේ සිට ඇති අතර ඔවුන් මෙම විදේශිකයින්ට විරුද්ධව එක් වචනයක් හෝ කතාකර නැත.
මෙම සමස්ත ක්‍රියාවලියම විදේශීය ආයතනයට අවශ්‍ය පරිදි මේ වන විට සිදුවන අතර ඊට විරුද්ධව මේ වන තෙක් මීප ආයතනය කිසිදු පියවරක් ද ගෙන නැති බවද ඔහු පෙන්වා දෙයි.
වෙරළ තීරයේ මීටර් 100ක් වන භූමි ප්‍රමාණයක මීටර් 13.5ක් පළල ,මීටර් 1.5ක් ගැඹුරු කොටසක සිදු කරන ලද මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියෙන් මේ වන විට සමස්තයක් ලෙස ගත් විට ලීටර් එක්ලක්ෂ 30,000ක පමණ ප්‍රමාණයක් අපද්‍රව්‍ය හමුව ඇත.එනම් මෙම මුහුදු වැලි වලින් 15%කට වැඩි ප්‍රමාණයක මේ වන විට පවතින්නේ මෙම රසායනද්‍රව්‍ය ආදියයි.
මීප ආයතනය සතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති හානිය තක්සේරු කිරීම සඳහා කණ්ඩායමක් සිටින අතර මේ වන තෙක් ඒ කිසිවෙක් මෙම අපද්‍රව්‍ය එක් සාම්පලයක් හෝ රැගෙන පරීක්ෂා කිරීමට කටයුතු කර නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.
පසුගිය දිනවලදී එක් දිනකදී කැස්බෑවන් 08 දෙනෙකු පමණ මියගොස් වෙරලට පැමිණ ඇති අතර මත්ස්‍යයින් වැනි සාගර සම්පතෙන් විශාල කොටසක් මේ වන විටත් විනාශ වී අවසන් බව චින්තක වරාගොඩ මහතා පවසයි.
මේ වන විටත් මුහුදු පත්ලේ ටැංකි 52ක පමණ ප්‍රමාණයක් විසිරී ඇති බවත් එම ටැංකි ගොඩ ගැනීමට තමන් සතුව තාක්ෂණය ඇති බවද දන්වා ව්‍යාපෘති යෝජනාවක්ද මීප සභාපතිනිය වෙත භාර දුන්නද , එවැනි තාක්ෂණයක් ශ්‍රී ලංකාව සතුව තිබිය නොහැකි බවට ඔවුන් පැවසූ බවද මෙහිදී අනාවරණය කරන ලදී.
මෙහිදී චින්තක වරාගොඩ මහතා විසින් ඉදිරියේ දී විය හැකි මහා විනාශක් පිළිබඳව ද අනතුරු හගවා ඇති අතර මේ වන විටත් මුහුදු පත්ලේ ඇති කන්ටේනර් පෙට්ටි ඇමරිකානු සමාගමක් විසින් කපා කොටස් වශයෙන් ගොඩට ගැනීමට සැලසුම් කර ඇති බවද ප්‍රකාශ කරන ලදී.
එම කන්ටේනර් පෙට්ටි තුළ ඇත්තේ කෙබඳු රසායනික ද්‍රව්‍යයද යන්න අප කවුරුත් නොදන්නා කරුණක් වන බවද එම පෙට්ටි මේ අයුරින් කොටස් කපා ගොඩ ගතහොත් සාගරයට විශාල විනාශයක් සිදුවිය හැකි බව ඔහු තරයේ කියා සිටී.
මෙම විනාශය සිදු වීමට ඉඩ නොදී මේ පිළිබඳ අධීක්ෂණය සඳහා වෙනම විශේෂඥ කමිටුවක් පත්කරන ලෙස අවසන් වශයෙන් ඔහු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් ද කරන ලදී.