ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද ජාතික ආරක්ෂක සමුළුව 2023 මැයි 17 වන දින රත්මලාන ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් පවත්වා තිබේ.
සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදින පෙරවරුවේ සහභාගි වූ අතර, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන (විශ්‍රාමික) පිළිගැනීමේ කථාව සිදු කළේය.
රටේ අභිවෘද්ධිය සඳහා පර්යේෂණ සහ ඒ ආශ්රිත අධ්‍යයනයන් දිරිමත් කරන ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා මෙහිදී ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයෙ හි මෙම දැවැන්ත උත්සාහය අගය කළේය.
සම්භාවනීය කථිකයින් රැසකගෙන් සමන්විත වූ මෙම සැසිවාරය තුල තම දැනුම හා අත්දැකීම් බෙදා හදා ගන්නා ලදී.
“සෞභාග්‍යමත්, සුරක්ෂිත සහ ස්ථාවර ශ්‍රී ලංකාවක් සඳහා දූෂණය පිටුදැකීම”, “දූෂණය පිටුදැකීම සඳහා පරිපාලන සහ රාජ්‍ය සේවා යාන්ත්‍රණයේ වෙනසක් ඇති කිරීම”, ” ස්වාධීන හා කාර්යක්ෂම නීතිය ක්‍රියාත්මක කිරීම සදහා විනිවිධ භාවයකින් හා ශක්තිමත් නීති පද්ධතියක අවශ්‍යතාවය”, “නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා කාර්යක්ෂම හා ඵලදායී පරිපාලනය”, “දේශගුණික සයිබර් තාක්ෂණය: ආරක්ෂක මානයන් වෙනස් කිරීම,” “දේශගුණික විපර්යාස: මෙම තීරණාත්මක දශකයේ ක්ෂණික ගෝලීය ක්‍රියාමාර්ග”,”සයිබර් තාක්ෂණයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ සයිබර් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා වේගවත් ප්‍රතිචාර දැක්වීම” සහ තවත් මාතෘකා කිහිපයක් මෙම සැසිවාරයේදී සාකච්ඡාවට ලක් විය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාපති,කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පති, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , බුද්ධි අංශ නිලධාරීන්, බුද්ධිමතුන් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.