පාසල් සිසුවියක් පෞද්ගලික පන්තියකට සහභාගී වීමට කුරුණෑගලට යාම සඳහා බසයක් එනතුරු බස් නැවතුම්පොලේ රැඳී සිටිය දී මාර්ගයේ ගමන් කළ ජිප් රථයක් එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ලිස්සා ගොස් සිසුවිය ද යට කරගෙන අසල තිබූ දුරකථන රැහැන් කණුවක වැදී අද (20) උදෑසන කුරුණෑගල , උහුමීය , ඩී.එස්.සේනානායක මැදි විදුහල ඉදිරිපිට දී සිඳු වූ අනතුරින් එම සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිඳු වූ බව පොලිසිය සඳහන් කර තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩ්ඩ්.එස්.සේනානායක මැදි විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි , උහුමීය පිදුරුවැල්ල , රත්මලේ උයනේ පදිංචි සිසුවියකි.
සිද්ධිය සම්බන්ධයෙන් ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පිළියන්දල ගෝනමඩිත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.