2023 වර්ෂයේ පොසොන් පොහොය නිමිති කොට ගෙන ජුනි මස 03 වන දා එනම් පෝදා දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලද ස්ථාන වසා තැබීමටත් , පොසොන් උත්සවයට සමගාමීව 2023.05.31 වනදා සිට 2023 .06.06 වන දින දක්වා දින වකවානුව තුළ අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලද ස්ථාන වසා තබන ලෙසත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව මෙම අදාළ දිනයන්හි දී සුරාබදු බලපත්‍ර ලද ස්ථාන වැසීමට කටයුතු නොකරන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන යම් සුරාබදු බලපත්‍ර ලද ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙසත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබේ.