කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “කොම්පඤ්ඤ වීදිය” ග්‍රාම නිලධාරී වසම භාෂාත්‍රයෙන් එලෙසම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව දෙමළ භාෂාවෙන් “ஸ்லேவ்ஐலன்ட்” ලෙසත් , ඉංග්‍රීසි භාෂාවෙන් “Slave Island” ලෙසත් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙයට අදාළ අංක 743/5 දරණ 1992.12.01 දිනය දා අති විශේෂ ගැසට් නිවේදනය සංශෝදනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.