තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකිවන පරිදි කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයට ආයුර්වේද පනත සංශෝදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති බව වාර්තා වේ.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සහ ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව සඳහන්.