අමාත්‍ය මණ්ඩලය විසින් කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතුව ඇති කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ අමෙරිකානු සමාගමට පැවරීම සඳහා ගෙන ඇති තීරණය බලරහිත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
අදාළ පෙත්සම සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.