මුදල් අමාත්‍යාංශය යටතේ බදු රෙගුලාසි පනත් කිහිපයක් පිළිබඳව අද (23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර 5ක කාලයක් සඳහා නතර කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිඳු කරමින් ඉල්ලීමක් කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුර අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
“මෝටර් වාහන සම්බන්ධයෙන් තිබෙන බද්ද පිළිබඳව කියන්න ඕන. මේකේ තියෙන්නේ සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් බදු වැඩිකිරීමක් සම්බන්ධයෙන්. මම යෝජනා කරන්නේ ඉල්ලා සිටින්නේ රජයෙන් අධි සුඛෝපභෝගී වාහන ගෙන්වන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න අවුරුදු 4කට 5කට. අධි සුඛෝපභෝගී වාහන මේ රටට අවශ්‍ය නෑ. මේ රටේ ආර්ථිකය අනුව මේ තියෙන වාහන හොඳටම ඇති. ඒ නිසා අධි සුඛෝපභෝගී වාහනවලින් තොරව අවුරුදු 5ක් වත් මේ රට ගෙනියන්න. මොකද අධි සුඛෝපභෝගී වාහනවලට යන විදෙස් විනිමය ඉතාමත්ම විශාලයි. ඒක නිසා අපේ විදේශ වත්කම් පහත වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි අධි සුඛෝපභෝගී වාහන. “