ශ්‍රී ලංකාවේ විනය මනාව පෙන්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සමහර නිලධාරීන්ගේ වැරදි, නීතිවිරෝදී ක්‍රියා නිසා යුධ හමුදාවේ තත්වයට හානි සිදුවන අයුරු ලංකාවේ විනය ආරක්ෂා කිරීමට සිටින ආරක්ෂක අංශ අතින් දිනෙන් දින හරි අපූරුවට විනය පිරීහී යන අයුරු මාධ්‍ය සාකච්ඡාවක් මගින් මේජර් අසේල ධර්මසිරි මහතා පැහැදිළි කර තිබේ.
ඒ අනුව ඔහු ප්‍රකාශ කරන ආකාරයට යුධ හමුදාවට තිබෙන කීර්ති නාමය දිනෙන් දින විනාශ කරන්නේ මේජර් ජනරාල් මෙත්තානන්ද නැමැත්තෙකු සහ ඔහුගේ ගෝලයා වූ පොදු සේවා බලකායේ හිටපු විධායක අධිකාරි මේජර් තුෂාර යන අයයි.
මෙහිදී ඔහු අනාවරණය කරන්නේ යුද්ධ හමුදාවේ නර්තන කණ්ඩායමට සංගීත කණ්ඩායමට පැමිණෙන ගම්බද ලස්සනම අහිංසක තරුණියන් අමු අමුවේම ලිංගික අපයෝජනයට ලක් කිරීම මේජර් තුෂාර අධිකාරි යන අය විසින් සිදු කරනු ලබන බවයි.
එසේම නරියන්ට කුකුල්ලු භාර දෙන්නාක් මෙන් ඇඹිලිපිටිය, කුට්ටිගල පිහිටා තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයද මේජර් තුෂාරට භාර දී තිබෙන බැවින් එහි සිටිනා ගෑනු දරුවන් මෙම සල්ලාලයාගෙන් ආරක්ෂා කළ යුතු බවට පවසා සිටී.
එසේම ප්‍රෝරෝ මාෂල් මේ පිළිබඳව විමර්ශණ කළ යුතු නමුත් ඔහු කිසිදු විමර්ශණයක් සිදු නොකරන බැවින් මෙවන් පුද්ගලයෙකු CCMP එකේ බලකාධිපති කර CCMP එකත් විනාශ වීමට ඉඩ නොදී ,ඔහු මෙම තනතුරට පත් කරනවාද? නැද්ද?යන්න යුධ හමුදාපති දෙවරක් සිතිය යුතු බවද ඔහු අවධාරණය කරයි. කෙසේ නමුත් මේ වන විටත් ඔහු CCMP බලකාධිපති ලෙස පත්කර තිබේ.
ප්‍රෝරෝ මාෂල් වරයාට එල්ල වී ඇති චෝදනා (වර්ථමානයේ CCMP බලකාධිපති)
° වාහන තුනක් අවභාවිතා කිරීම.
° බීමත්ව පැමිණ නිලධාරි නිවසේදී කනිෂ්ඨ නිලධාරින් ඉදිරියේ බිග්රේඩියර්වරයෙකුට ඇදගෙන පහරදීම.
ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ විනය හදන තැන ලොක්කාගේ ක්‍රියාකලාපය පිළිබඳව විවිධ චෝදනා ඉදිරිපත් කරන ලදි. මෙහි ඇති අතවත් විශේෂත්වයක් වන්නේ ඔහු මේ වන විට යුධ හමුදා පොලිසියේ බලකාධිපතිව සිටීමයි.
ඒ අනුව ඔහු සදහන් කරන්නේ යුධ හමුදාපතිගෙ තනතුරේ යම් බලයක් ඇත්නම් එම බලය අතට ගෙන යම් විමර්ශණයක් සිදු කර 2018 සිට කිසිම වරප්‍රසාදයක් නොමැති යුධ හමුදා නිලධාරින්ට යම් සාධාරණයක් සිදු කළ යුතු බවයි.
එසේම 2019 න් පසු ආරක්ෂක අමාත්‍යාංශය අන්ත දූෂිතම රාජය්‍ය ආයතනයක් වූ බවද ඔහු ප්‍රකාශ කරයි.
මෙම කාල වකවානුව තුළ ආරක්ෂක ලේකම් වූ කමල් ගුණරත්න පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කළද ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කිරීමට කොන්ද පන ඇති නායකයෙකු තවමත් නැති බවද ඔහු ප්‍රකාශ කරයි.
එමෙන්ම “අපි වෙනුවෙන් අපි”,”යළි දකිමු දීඝවාපිය”,”සදහිරු සෑය ” ආදී අරමුදල් නිරන්තරයෙන් අවභාවිතා වන බවද මෙහි විගණකාධිපති ගැඹුරු නින්දක පසුවන බවද සදහන් කරයි.
මේජර් නදීරා විජේසිංහ නැමැති කාන්තාව “අපි වෙනුවෙන් අපි” අරමුදලෙන් කූඨ ලේඛණ සාදා මිලියන 1.5 ක මුදලක් ලබා ගනිමින් රට පැනීමට සූදානම් වන බවද ඔහු ප්‍රකාශ කරයි.
එසේම රණජය පුර රණවිරු ගම්මානයේ රණවිරු නිවාසවලට මාසිකව කපා හරින මුදල අහෝසි කර ඔප්පු ලබා දෙන බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ පොරොන්දු වුවත් මේ පොරොන්දුව කඩ වුණු පොරොන්දුවක් බවද ප්‍රකාශ කරයි.
එම නිසා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පැවරී ඇති යම් වගකීමක් වශයෙන් රණවිරුවන්ට වෙන අසාධාරණය ගැන කතා කළ යුතු වුවද කිසිදු අයෙකු ඒ පිළිබඳව කතා නොකරන බවද ඔහු සදහන් කරයි.
එසේම රාජය්‍ය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් බොරුවට රැස්වීම්වලට ගොස් බොරු රගපෑමක් කර නැවත පැමිණෙන බව සදහන් කරයි.
එසේම ත්‍රිවිධ හමුදාවේ යම් හේතුවක් මත ඉවත් කළ හෝ ඉවත් වුණු නමුත් යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වී හිටියේ නම් ඔවුන් වෛද්‍ය මණ්ඩලයකට කැදවා වෛද්‍ය සහතිකයක් මත විශ්‍රාම ගැන්වීම හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා සිදු කර බවද සදහන් කරයි.
නමුත් ශවේන්ද්‍ර සිල්වා නිලධාරින්ට මෙම වෛද්‍ය වාර්තාව ලබා නොදීමටත් සෙසු නිලයන්ට ලබා දීමටත් බෝඩ් එකක් ගැසූ නමුත් අද වන විට නිලධාරින්ටත් සෙසු නිලයන්ටත් මෙය අහිමි ව තිබේ.
මෙය අමු අමුවෙම කැබිනට් අනුමැතිය විනාශ කිරීමක් බවටද ඔහු පෙන්වා දෙයි. ශවේන්ද්‍ර සිල්වා ,ආරක්ෂක ලේකම් ,විකුම් ලියනගේ යන තිදෙනා එක්ව යුධ හමුදාවේ පහළ සිටිනා දක්ෂ නිලධාරින්ට ඉහළට ඒමට ඉඩ නොදී තහංචි දමා ඇති බැවින් මොවුන් තමන්ගේ රාජකාරියද නිසි පරිදි සිදු නොකර ජාතික ආරක්ෂාව තහවුරු කරන හමුදා සංහතියටම සිදු කරන අකටයුතුකම් නවත්වා රණවිරුවන්ගේ බත්පතයි, පඩිපතයි,ගැහැණු දරුවන්ගේ පතිවතයි ආරක්ෂා කිරීමට අදාළ නිලධාරින් වහා ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් අපද මීට පෙර අවස්ථා ගණනාවකම ආරක්ෂක අංශ හා සම්බන්ධ නිලධාරීන් පුද්ගලිකව වගකිවයුතු කාරණා ගණනාවක්ම ප්‍රචාරය කරන ලදී. පවතින නීතියට අනුව ඒවාට පිළිතුරු ලබා දිය යුතු වුවත්, මේ වන තෙක්ම ඒවාට අවශ්‍ය පිළිතුරු ලබාදීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා හෝ අනෙකුත හමුදාධිපතිවරුන් කටයුතු කර නැත. ඒවාට පිළිතුරු දී ඒවායින් තමන්ට අසාධාරණයක්, අකටයුත්තක්, නින්දාවක් , අපහාසයක් හෝ සිදුව තිබේ නම් ඒවා නිවැරදි කරගැනීමට අවස්ථාව ලබා දී තිබේ. අපට තොරතුරු සපයන්නන්ගේ යාම වැරදි තොරතුරක් තිබේ නම් නීතියට අනුව කල යුත්තේ, ඒවාට පිළිතුරු ලබා දී නිවැරදි කරගැනීම වුවත්, තවමත් ඒවාට වෙන් වෙන් වශයෙන් පිළිතුරැ ලබා දී නැත. අධිකරණයකට ගොස් නඩුවක් හෝ පවරන්නේ නම් ඊට පෙර කල යුත්තේ එම පුවත්වලට ලබා දෙන පිළිතුරු සදහාද අවශ්‍ය ඉඩ සමබරව ලබාගෙන පළකරව ගැනීමයි. එසේ නොකරන්නේ නම් පමණක් අධිකරණය තුලින් තමන් ඉල්ලන සහනය ලැබිය හැකිය. එබැවින් අප නැවත නැවත සදහන් කරනුයේ අප පලකරන ලිපි අපගේ ප්‍රශ්න නොවන බැවින් ඒවාට අවශ්‍ය පිළිතුරැ ලබා දී වැරදි නිවැරදි කරගන්නා ලෙසයි.
එසේම ඒවා නිවැරදි පුවත් නම් ඇදලා පුද්ගලයන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කල යුතුය. එසේ නොමැතිවන වන විට දිගින් දිගටම මේවා ලිවීමට සිදුවන්නේ, අසාධාරණයට ලක් වුවන්ගේ ඉල්ලීම පරිදිය. තවද අප පලකරන ලද සමහර පුවත් පිලිබදව යුධ හමුදාධිපතිගේ නියෝගය මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.