කළුතර හොරණ මාර්ගයේ කෙසෙල්හේනාව මංසන්ධියේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුද හමුදා සෙබළෙකු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී හෙරෝයින් ග්රෑම් 5 යි මිලිග්රෑම් 200ක ප්රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මොහු ශ්රී ලංකා යුද උපකරණ බලකා රෙජිමේන්තුවට අයත්ව සේවය කර ඇති අතර 2012 වර්ෂයේ සිට නිවාඩු මත රාජකාරියෙන් බැහැරව සිට තිබෙන බව සඳහන් .
මෙම සැකකරු හොරණ ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර අද (25) හොරණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.