දුරකථනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු වදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරු 5.45 ට පමණ දුම්රියේ ගැටී මියගොස් ඇති බවට වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වදුරුව ප්රදේශයේ පදිංචිව සිටි කවිෂ්ක ලක්මාල් නැමැති 18 හැවිරිදි තරුණයෙකු සහ එස් .ඒ. තිවංක නැමැති 19 හැවිරිදි තරුණයෙකු බව සදහන්.
මෙම තරුණයින් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබූ අතර විනෝද චාරිකාවක් යාම සදහා අද (25) උදෑසනම සූදානම් වී වදුරුව දුම්රිය ස්ථානය දෙසට දුම්රිය මාර්ගය ඔස්සේ දුරකථනයකින් කතා කරමින් ඔවුන් ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් පැමිණි බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුරෙන් පසු මියගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ගෙනැවිත් ඇති බව සදහන්.