මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර එහිදී පක්ෂව ඡන්ද 123ක් සහ විපක්ෂව ඡනද 77 ක් හිමිවිය. ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරය සඳහා පුරප්පාඩුවක් පවතින නිසා නව සභාපතිවරයෙකු පත් කිරීම ව්‍යවස්ථා සභාව මඟින් සිඳු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
මෙයට අදාළ නාමයෝජනාව යොමු කිරීම මුදල් අමාත්‍යාංශය මඟින් සිඳු කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වන නමුත් ව්‍යවස්ථා සභාව රැස්වන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිඳු කර නොමැති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර තිබේ.