ඉහළ වටිනාකමකින් මෙන්ම දුරලභ ගණයේ ශාකයක් වන රත්හඳුන් ශාකය මෙරට තුළ ව්‍යාප්ත කිරීමට පරිසර අමාත්‍යංශය විසින් සැලසුම් කරමින් ඇත.
දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන තිරසාර ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස යෝජනා මේ වන විට ඉදිරිපත් කර ඇති බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කරන්නේ.
ඒ අනුව පරිසර අමාත්‍යංශය සඳහන් කලේ යෝජිත වැඩපිලිවෙළ ඔස්සේ දිවයිනේ තෝරාගත් ප්‍රදේශයන්හි රත් හඳුන් පැල 1000ක් රෝපණය කිරිම සඳහා වැඩපිලිවෙළක් සැලසුම් කරන බවයි.