පුදුකුඩිඉරිප්පු , කයිවේලි ප්රදේශයේ දී සිඳු වූ රිය අනතුරකින් අවුරුදු 4ක බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඊයේ (26) දහවල් පරන්තන් – මුලතිව් මාර්ගයේ පුල්ලෙයාර් කෝවිල පිටුපස අතුරු මාර්ගයේ අත්ට්රැක්ටරයක් පිටුපසට ධාවනය කිරීමේ දී එයට යට වීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම කුඩා දැරිය පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්ට්රැක්ටරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.