“මෝඩාභිමානය” නමින් ප්‍රහසන වැඩසටහනක තරුණියක් කියන අදහස් කිහිපයකට බොහෝ අය දෝෂාරෝපණය කරනු දුටුවෙමි. ඒ ගැන මගේ අවාදානය වඩාත් යොමුවුණේ ලංකාවේ ප්‍රදාන විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය හිමිනමක් සමාජ මාද්‍යයේ ඒ පිළිබඳව චෝදනාත්මකව ලියනු දැකීමෙන්. එනිසා මේ වීඩියොපටය බලන්න හිතුණ. ඇය කියන්නෙ මෙන්න මේ වගේ කතා කිහිපයක්.
“අර සුද්දෝදනගෙ ළමය ඉපදුණු ගමන් ඇවිද්ද.. ඒකට අපේ උන්..”
අර සුද්දෝදනගෙ ළමය ඉපදුණු ගමන් කවියක් කීවා..පොඩි කාලෙම තීරණය කළා තමන් ලොකු උනාම වෙන්නෙ කවුද කියල..ඒ ළමයගෙ අම්ම හිටියෙත් නෑ.. ඒකට අපේ උන් අම්ම තාත්ත දෙන්නම ඉඳලත් මුකුත් කරගන්න බෑ..”
මේ කතාවේ හරය හරියට තේරුම් ගත්ත නම් අර ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය හාමුදුරුවො ඒ ගැහැණු ළමයට බනින්න නෙවෙයි ඕනෙ, ප්‍රශංසා කරන්න. මොකද අපේ සමාජයේ ළමයින්ගෙ තියෙන අතීශය යැපෙන සුළු මානසිකත්වය (Dependency) ඇය කුඩා සිද්දාර්ථව උදාහරණයට අරගෙන ප්‍රහසනාත්මකව පැහැදිලි කරනව. මේක දැකපු අර ඕනේ දේකට ඇවිළෙන සෙට් එක “රැඩිකල් නිරාගමික කාළකණ්ණි.. කියල සුපුරුදු බැනිල්ල පටන්ගන්නව. ඒක නම් සාමාන්‍ය දෙයක්. නමුත් අර වැනි ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය හිමිනමක් පවා මේක දකින්නෙ හරි කොන්සවේටිව් මනසකින්. අර මහමෙව්නාවෙ බණ, ඥානසාර බණ විතරක් නෙවෙයි අවුරුදු ගාණක් තිස්සෙ චීවරදාරීන් දේශපාලන වේදිකාවල කෙළින පිස්සු බෞද්ධ දර්ශනයේ හර පද්ධතියට කරන හානිය ගැන මේ අයට වගේ වගක් නෑ.
කවුරුහරි මගෙන් ඇහුවොත් මගේ ආගමික දර්ශනය මොකක්ද කියල මම නොපැකිලව කියන්නෙ බෞද්ධ දර්ශනය කියල. එහෙම අඬබෙර ගහල මම ඒක කියන්නෙ නෑ. මොකද ඒකත් බෞද්ධ දර්ශනයට පටහැනි දෙයක්. නමුත්, අපි ඉගෙනගන්න විදේශ විශ්වවිද්‍යාලවල ලෝකෙ නොයේකුත් රටවල ආගම් අදහන අය ඉන්නව. එයාල අපේ යාළුවො. ඒත් මේ පන්තිකාමරවල එයාලටත් වඩා අපි ඉගෙනගන්නෙ, සාකච්ඡා කරන්නෙ බොහොම ආත්ම විස්වාසයකින් සහ නිදහස් මනසකින්. අපිව බය කරන, අපිව ගොළු කරන, අපේ කතා කිරීම සීමා කරන ආගමික පසුබිමකින් නෙවෙයි අපි එන්නෙ. ඕනි දෙයක් ප්‍රශ්න කරන, අන්ද භක්තියක් නැති, විචාරශීලීව දකින ඒ පසුබිම අපිට ලැබෙන්නෙ බෞද්ධ දර්ශනයෙන්.
ඒත් ලංකාවේ ආගම නලලෙ කොටාගත්තු යම් පිරිසකට ඕනෙවෙලා තියෙනව බෞද්ධ දර්ශනය තුළ තිබෙන මේ හරය නිදහස් බව නැති කරල, විනාශ කරල මේ රට විචාරශීලී නැති, වැඳගෙන ඉන්න, බය බිරාන්තවෙලා ඉන්න පිරිසක් හදන්න. ඒ අය අතරෙ ප්‍රමුඛ පිරිස පූජකයො.
ඔය වචන අල්ලගෙන හරඹ කරන ගොඩක් අය කරන්නෙ එක්තරා දේශපාලනයක්. අපේ රටේ මෙතෙක් ඒ දේශපාලනය ගෙනිච්චෙ වචනවලින්. දැන් මේ වීඩියො එකේ “අර සුද්දෝදනගෙ ළමය” කියන එක තමයි එයාල පාවිච්චි කරන්නෙ. අර “බුදුන්ගේ රස්තියාදුව” කියන පොතට පැටළුනෙත් ඒ වගේමයි. කෙනෙක් කියන්න පුළුවන් ඒ උනාට සංස්කෘතියට අවුල් නේද? කියල. සංස්කෘතිය රකින්නෙ අපි ඒ සංස්කෘතිය ඇතුළෙ ඉන්න කැමති නම් විතරයි. එහෙම නැත්නම් ඒ සංස්කෘතියෙ ඇලිල ගිලිල ඉන්න අයට කිසිඳු අයිතියක් නෑ ඒ අකමැති අයට බලපෑම් කරන්න. හරියට අර විශ්වවිද්‍යාල උපසංස්කෘතිවල ඉන්න උන් උන් අනිත් උන්ටත් දිග කලිසම්, දිග සායවල් බලෙන් අන්ඳන්න හදනව වගේ. ලංකාවේ ජරාජීර්ණ දේශපාලන සිංහල බුද්දාගමෙන් අයින්වෙලා ඉන්න මිනිස්සුන්ට පූර්ණ නිදහස තිබිය යුතුයි බුදුන් කියන දාර්ශනිකයව හදාරන්න. ඒකට කාගෙන්වත් පේටන්ට් බලපත්‍ර අවශ්‍ය නෑ.( උපුටා ගැනීම. මුහුනු පොතෙනි.)