අභ්‍යන්තරය
නතාෂට එරෙහිව පැමිණිලි 35 ක් ලැබිලා..මම මේ ගැන පරීක්ෂණ කරන පොලිස් නිලධාරියා නම් පළමුව කරන්නේ පැමිණිලි දාපු අයගේ පසුබිම,දේශපාලන පසුබිම හා කොයි පන්සලටද යන්නේ? ඒ පන්සලේ හාමුදුරුවන්ගේ දේශපාලනේ මොකක්ද කියන එක හොයලා බලලා පැමිණිලිකරුවන් ගැන අදහසක් ගන්න එක.මොකද ලංකාවේ පැමිණිලි ගොඩාක් දේශපාලනිකයි.නතාෂට විරුද්ධව මහනායක වරු.අටමස්ථානාධිපති හිමි වරු පැමිණිල්ලක් දාන්න ගිය බවක් දැනෙන්නේ නැහැ. දහම නොදන්නා මිනිස්සු දාන පැමිණිලි වලට පොලිසිය කලබල වෙන්න ඕන නැහැ. දහම දන්නා කව්රුහරි කියන්නේ යතිවරයන් වහන්සේලා ,උන්වහන්සේලා මේකෙදි නිහඬයි.
ඒ නිසා මේ පැමිණිලි කිරීම ආගමික බේරාගැනීමක් වෙනුවෙන් දේශපාලනය භාවිතා වීමක් කියලා අපිට කියන්න පුළුවන්.මොකද ඔය බුදු දහම හරියට දන්නා කෙනෙක් නෙවෙයි යන්තම් හරි අටලෝ දහම දන්නා කෙනෙක් ඔය කරුණට ඔච්චර කලබල වෙන්නේ නැහැ.හැබැයි මම ඉන්න ස්ථාවරය තමයි නතාෂා ඔයා කාගේ හරි ලණුවක් කාලා හරි ඔය විහිළුව නොකර හිටියා නම් හොඳයි.ඔයාට ඔය ලණුව දුන්නේ කව්ද කියලා දැන් පැහැදිලි වෙමින් යනවනේ..ඒ ලණුව එන්නේ කොයි පැත්තෙන්ද කියලත් දන්නවනේ.. ඒ ලණුව ඇදෙන්නේ මැදමුලන දිහාවට වුණත්, අතරමැද ඉන්නේ මිසරබල් මනි වලින් ඕවාට ෆන්ඩ් කරගෙන,වසර 10 කින් රට අබෞද්ධ කරන්න කොන්ත්‍රාත් එක ගත්ත ඉත්තෙක් කියලත් අපි නම් දන්නවා. අපේ රට අවුලවන්න හැකි ගිනි පුපුරු ගැන අවබෝධයක් නැතුව ඔය කොමඩි කරන්න යන එක වැරදියි.
දැන් ඔයාට මේකට සටන් කරන්න වෙනවා..ඔයාට මේක කළමනාකරණය කරන්න වෙනවා.ඔයාට රටින් පැනලා යන්න මේ වගේ කථාවක් කියලා අසයිලම් බේස් එකක් හදාගන්න ඕනේ නැහැනේ.සහෝදරියෝ දැනටමත් විදේශගත නිසා,යන්න ඕන නම් ක්‍රමයක් තිබුණනේ..නතාෂාගේ තාත්තා ගැන මඩ ප්‍රචාරයක් යනවානේ..හැබැයි ඒ තාත්තාත් බෝධිසත්ව කරලා නතාශාට ගල් ගහනකොට..අපේ සමාජයට ඉවක් බවක් නැහැ.නතාෂා මොංගල් චරිතයක් කියන අය එයාගේ තාත්තා බෝධිසත්වයෙක් කරනවා.නතාෂා වැරදිනම්..අම්මා විතරක් වැරදි වෙලා තාත්තා අහිංසකයෙක් වෙන්නේ කොහොමද?
කුඩාකාලේ පටන් මානසිකව අවභාවිතා වෙච්ච අය,,යාළුවො කියන වෙනම අජෙන්ඩා තියෙන අයගේ සමාගමේදීත් අවභාවිතා වෙනවා.. ලංකාවේ සමාජයේ අපි ගොඩාක් දෙනෙක් කුඩා කාලේ පටන් මානසිකව අවභාවිතා වෙනවා.. මේ කරුණේදීත් මෙහෙම දෙයක් වුණු බව තමයි සමීපතමයන්ගේ අදහස.බුදු දහමට සංවිධානාත්මක ලෙස අපහාස කරන කණ්ඩායම් කිහිපයක්ම ඉන්නවා.ඒ කණ්ඩායමක් එක්ක ඔයාට ඇති වෙච්ච සම්බන්ධය ගැන මම දන්නේ නැහැ.හැබැයි..ඔයාට රටින් යන්න උපදෙස් දීලා ඔයාව විනාශම කරපු විදියක් තමයි මම වටහාගත්තේ.මේකට එරෙහිව සටන් කරන්න තිබුණා කියලා මම කිව්වට ඩෑන් ලා වගේ මැරයොත් එක්ක තනිවම හැප්පෙන්න බැරි බව සත්‍යයක්.ඒ රටේ දේශපාලන බලයත් එතන තිබෙන නිසා.
රටේ බුද්ධිමත් ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා..මේ කරුණ වතුරෙන් කිරි වෙන්කරලා ගන්න හංසයාගේ ස්ථානයේ අපි ඉන්න ඕන.රට උවමනාවෙන්ම වෙනත් ආගමික පරිසරයකට ගොඩනගන්න හදන පිරිස නිවැරදිව අපිට පරාජය කරන්න පුළුවන් වන්නේ එවිට.මේ කණ්ඩායම යහමින් මුදල් වැයකරලා මාධ්‍ය ක්‍රියාත්මක කරලා වැඩේ වැරදීගෙන එනකොට ඉක්මනට ප්‍රකාශ නිකුත් කරලා වගකීමෙන් මිදෙන්න කටයුතු කරලා තිබුණා.මේ භූවල්ලා මර්දනය කරන්න නතාෂට ගහලා නම් බැරිවෙයි.හැබයි ඒ භූවල්ලා සංවිධානාත්මක ව හොට පටලවා ගන්නේ මේ සිද්ධියේදී.
කොහොම නමුත් නතාෂා නැවත තම කොමඩි වලට බෞද්ධ ඉතිහාසය ,චාරිත්‍ර ගන්නනකොට ස්වයං අදහස් ගන්න.කාගෙන්වත් ලැබිච්ච අදහස් ගන්න එපා.සිදුහත් ගේ අම්මා උපතේදී මිය යනවා..ඔවු ජේසුස් ගේ අම්මා තම පුතාගේ මරණයත් දකිනවා..මේ අම්මලා දෙන්නා ගැනම අපිට පිළිගන්න බැරි,තර්කයට බුද්ධියට හසු නොවන සාහිත්‍ය කථා තියෙනවා.ඒවා අපි පොඩි කාලේම ප්‍රශ්න කරනවා. ජේසුස් තරුණ වයසෙන් මරා දමනවා..සිදුහත් ඒ වයසෙන් බුද්ධත්වය ලබනවා..පුර්ණ ආයුෂ විඳිනවා..ජිවිතේ එහෙමයි..ඒ ශාස්තෘන්ලාගේ විතරක් නෙවෙයි මේ අපෙත්.මම ඊයේ ලිව්වා විශ්වාස කරන්න පහසු නොවන සමාජය ගැන.අදත් මට කියන්නේ නතාෂා සම්බන්ධයෙන් එච්චරයි..උගුල් වලට අහුවීම,නතාෂලා වගේ තරුණ කෙල්ලෝ විතරක් නෙවෙයි මේ මැදිවියේ ඉන්න අපිටත් වෙනවා..මේක ඒ වගේ උගුලක්..ඒ නිසා ජනතාව හැටියට මේක ගැන කරන සංවාදය ආගමික ගැටුමක් හා වෙනත් රටක,සංවිධානයක අරමුණකට උදව් දෙන්නක් නොවන ලෙස කටයුතු කරමු. වැඩිපුරම මෙයින් දේශපාලන වාසි ලබාගන්න ඉන්න කඳවුර හා රට අබෞද්ධ කරන්න වසර 10 ක කොන්ත්‍රාත් අරන් තමන්ගේ නොවන අනුන්ගේ සල්ලිවල මෝඩ අභිමානයෙන් උද්දච්ච වෙච්ච ඉත්තෝ ටික ගැන කල්පනාවෙන් ඉන්න.