ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සදහා පනවා ඇති සීමා ලිහිල් කරමින් භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩවල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැන්පතුව හෙවත් ‘මුල් ආන්ත්රික අවශ්‍යතාව’ ඉවත් කර ඇති බවට වාර්තා වේ.
මෙම භාණ්ඩ 843ට ජංගම දුරකථන,ශීතකරණ,විදුලි පංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බව සදහන්.
ඒ අනුව මෙම තීරණයත් සමග අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.