මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාවක් හදාරන 21 හැවිරිදි ශිෂ්‍යාවක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ.
මෙම සිසුවිය කළුතර ,ගමගොඩ,කොහුලානේ පදිංචිකාරියක් වන අතර ඇය පෙරේදා (28) දින උදෑසන ඉංග්‍රීසි පාඨමාලාවට යන බව පවසා නිවසින් පිටත්ව ගිය නමුත් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඇගේ මව පෙරේදා සවස මොරටුව පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බව සදහන්.
ඇගේ ජංගම දුරකථනයද අක්‍රීයව ඇති බැවින් තරුණියගේ මව විසින් සිදුකළ පැමිණිල්ලට අනුව සොයා බැලීමේදී තරුණිය පෙරේදා දින එම පාඨමාලාවටද සහභාගි වී නොමැති බවට අනාවරණය වී තිබේ.
එබැවින් ජංගම දුරකථන ජාල විශ්ලේෂණයක් කරමින් ඇය සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන් හදුනාගෙන ඉදිරි විමර්ශණ කටයුතු සිදු කරන බවට මොරටුව පොලිසිය සදහන් කර තිබේ.