බද්දේගම , හික්කඩුව ප්රධාන මාර්ගයේ අද (31) අලුයම 2.30ට පමණ සිඳු වූ මොටර් රථ අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා වේ.
මෙම මෝටර් රථය මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇති අතර අනතුරින් එම විදුලි කණුව මෝටර් රථය මතට ඇද වැටී තිබේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ පෝද්දල , බලගොඩ ප්රදේශයේ පදිංචි පිරිසකි. මෙම තුවාල ලැබූවන් අතරේ අවුරුදු තුනක සහ හයක කුඩා දරුවන් දෙදෙනෙක් ද සිටින බව සඳහන්.
මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිඳු වන්නට ඇති බව පොලිසිය සැක පල කරයි. එමෙන්ම මෙම අනතුර හේතුවෙන් පැයක පමණ කාලයක් එම මාර්ගය අවහිර වී තිබී ඇති අතර පසුව විදුලිබල මණ්ඩලය සහ පොලිසිය එක්ව මාර්ගයේ තිබූ අවහිරතාවය ඉවත් කළ බව වාර්තා වේ.