අ.පො.ස. සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර රැගෙන ගිය වෑන් රථයක් ඊයේ (31) සවස කාහිංගල ප්‍රදේශයේ දී අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.
වෑන් රථයේ රියදුරුට වාහනය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
සිඳු වූ අනතුරින් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.අනතුරින් පසුව එම වෑන් රථයේ තිබූ උත්තර පත්‍ර ආරක්ෂිතව අදාළ ස්ථානවලට යවා ඇති බව වාර්තා වේ.