කොළඹ නැව් තටාංගනයේ සභාපතිවරයා අගමැතිතුමා හමුවී ඇති අතර එහි දී ඔහු සඳහන් කර ඇත්තේ කොවිඩ් වසංගත කාලසීමාව හමුවේ මෙරට විදේශ විනිමය උපයාදීම සඳහා රජය විසින් ලබා දුන් සහයෝගය අගය කරන බවයි.
එමෙන්ම ඉරාකය වෙනුවෙන් මෙරටදී නිෂ්පාදනය කරන ලද නෞකා 02 එළඹෙන 04 වනදා ඉරාකය වෙත භාරදීමට නියමිතව ඇති බවද ඔහු එහිදී සඳහන් කර ඇත.