පාඩම් අංක 01.
මානව ශිෂ්ඨාචාර සමග බැදී නීතිය.
ඕනෑම නීති සිසුවෙකු මුලින්ම ඉගෙනගත යුතු පාඩම වන්නේ මෙම පාඩමයි. “නීතිය” බිහි උනේ ඇයි?. එයින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?. එය අප රැකගත යුත්තේ ඇයි?. එය නිවැරදි ලෙස භාවිතා නොකිරීමෙන් අපට මෙන්ම අනාගත පරපුරට සිදුවන හානිය කුමක්ද ?, ආදී කරුණු දෙස අවධානය යොමු කල යුතු අතර , එය මනාව ඉගෙන ගත යුතුය. නීතිවේදියෙකු යනු සමාජවේදියෙකු හා සමාන විය යුතුය. එය එසේ නොවන විට සමාජය බිඳ වැටෙන අතර සාමාන්‍ය ජනතාව නීතිය කෙරෙහි තිබෙන විශ්වාසය බිද වැටෙති. එබැවින් නීතිවේදියෙකු වන ගමනේ මුල්ම පාඩම එය විය යුතුය. ඔබ අනාගතයේ විනිසුරුවරයෙකු වුවත්, ජේෂ්ඨ නීතිඥවරයෙකු වුවත් මෙහි ඇති සමාජ විද්‍යාත්මක වටිනාකම සහ පැවැත්ම අමතක නොකළ යුතුය. මුදලාලිකරණය වූ නීතිවේදියෙකුගෙන් සිදු වන්නේ සමාජයට දැඩි හානියක් පමණක් බවත්, මිය යන විට තමන් රැගෙන යන්නේ කල, කී දේ පමනක් බව පමණක් හොදින් මතක තබා ගත යුතුය.
“නීතිය” නමැති විෂය මිනිස් සමාජයේ ප්‍රගමනයන් වෙනුවෙන් තිබිය යුතුම අංගයකි. නීතියක් නොමැති වූ විට එම සමාජයේ විනාශය කියාත්මක වේ. නීතිය නොමැති නම් අනිවාර්යෙන්ම බිහි වන්නේ ම්ලේච්ඡ මිනිසුන්ගෙන් ගහන ලෝකයක්, දේශයක් සහ ගමක් බව හොදින් මතක තබා ගත යුතුය. නීතිය කවදා , කුමන දේශයකින් ඇරඹුනේදැයි කියා කිසිම පුද්ගලයෙකුට කිව නොහැකිය. නමුත් “නීතිය” නමැති විෂය ආරම්භව ඇත්තේ , ආදී මිනිසාගේ ආරම්භයේ සිටම, පැවති ජීවන රටාවන් තුලින් උපන් ප්‍රතිපලයක් ලෙස සිතා ගැනීම වඩාත් සුදුසුය. ඒ අනුව අපට සිතා ගැනීමට තිබෙන්නේ මානව ශිෂ්ඨාචාරයේ ආරම්භ වීමත් සමගම නීති මූලාශ්‍රයන් බිහිව ඇති බවට උපකල්පනය කිරීම වඩාත් සුදුසු බවයි..
ලෝකයේ දැනට සොයාගෙන තිබෙන ආකාරයට ඉතාම පැරණි ශිෂ්ඨාචාරයන් ලෙස හදුන්වන මෙෂපොතේමියාව , ඊජිප්තුව , හිත්තීය අධිරාජ්‍ය, ඊශ්‍රායලය, ග්‍රීසිය සහ රෝමය යන රජයන් වල ඉතිහාසය දෙස බලන විට නීතියේ ෛඑතිහාසික මූලාරම්බයන් ඉගෙන ගත හැකිය.
මෙම සියලු ශිෂ්ඨාචාරයන් දෙස බලන විට අපට දැක ගත හැකි සුවිශේෂීම ලක්ෂණය නම් එම සියලු ශිෂ්ඨාචාරයන් ඊට යෝග්‍ය පරිසරය ආශ්‍රිත පසුබිමක මිනිස් කණ්ඩායම් ලෙසින් බිහිව ඇති බවයි. සතා සීපාවට මෙන්ම අපටද ජීවත්වීම සදහා ආහාර මෙන්ම ජලයද අවශ්‍යයි. එසේම ගස් වැල්ද අවශ්‍යයි. මේ හේතුව නිසා අරම්භක මිනිසුන් ගංඟා ඇල දොළ ආශ්‍රිතව තම වාස භූමි බිහිකරගෙන ඇත. අතීත ශිෂ්ඨාචාර දෙස සමාජ විද්‍යාත්මක පසුබිම් ඔස්සේ බලන විට පෙනී යන අනිත් කරුණ නම් මිනිසා ආරම්භයේ සිටම උරුමකම් කියා ඇත්තේ සාමුහිකව ජීවත්වීමට බවයි. මෙම සාමුහිකත්වය සමග ඇති වන ගැටුම් විසදාගැනීම සදහා එම ආදිකල්පිත කුඩා මිනිස් කණ්ඩායම් , නීතිය බිහි කිරීමේ පුරෝගාමීන් වූ බවට සිතිය හැකිය. අප එසේ සිතීම නිවැරදි විය යුතුය. වර්තමාන නීති පද්ධතීන් දෙස බලන විට පෙනී යන කරුනක් වන්නේ අප මිනිසුන් ලෙස ඉටු කල යුතු යුතුකම් සහ වගකීම් සමුදායන් තිබෙන බව පෙන්වා දීමත් , එම යුතුකම් සහ වගකීම් ඉටු නොකළ විට හෝ උල්ලංඝණය කල විට සමාජය තුල ඇති වන භීතිකාවන් , මානවයාගේ පැවැත්මට එරෙහිව යම් භයානක තත්වයක් ඇති වන බවය. එවැනි තත්වයක් ඇති වන්නේ එම යුතුකම් සහ වගකීම් ඉටු නොකළ නිසා බැවින් , ඒවාට එරෙහිව දඩුවම් ලබා දීමට සිදු වන බව පැහැදිලිවම තේරුම් ගත යුතුය. ආදී කාලයේ සිටි මිනිසුන්ද ඉතා මැනවින් මෙම තත්වය තුම් ගෙන තිබු බව පැහැදිලිය. එකල සිටම යම් නීතියකට යටත් ව විනයක් පවත්වාගෙන යමින් තම කණ්ඩායම් තුල සිටින එකිනෙකා ආරක්ෂා කරගත් බව පැහැදිලිවම ඉගෙන ගත යුතුය.
සෑම ජනසමාජයකම තමන්ගේ විශ්වාසයන් සහ අවශ්‍යතා අනුව නීතීන් නිර්මාණය කර තිබේ. ඒ අනුව නීති පද්ධතීන්, සමාජවල නීතිමය අයිතිවාසිකම් සහ යුතුකම් ඇති කරමින් චාරිත්‍ර හා උත්සව , නීති සංස්කෘතීන් ආදිය ලොවට දායාද විය.
ඔබ නීතිය ඉගෙන ගන්නට මත්තෙන් දැන ගත යුතු අතිශයින්ම වැදගත් දේ වන්නේ , නීතිය ලොවට දායාද වුයේ ඇයිද ? යන්න නිසි ලෙස තේරුම් ගෙන එහි අර්ථයට ගැලපෙන ලෙස නීති විශාරදයෙකු වීමයි. එසේ නීති විශාරදයෙකු වීමට නීති උපාදි දාරියෙකු වීමට අවශ්‍ය නොවේ. අපගේ මෙම පාඩම් මාලාව අවසන් වන විට ඔබ නීති විශාරදයෙකු බවට පත්ව සිටිනු ඇත. එවිට ඔබ මානව හිතවාදී මිනිසෙකු හෝ නීතිවේදියෙකු බවට පත්ව සිටිනු ඇත. එසේ නොමැතිව ඔබ නීතිවේදියෙකු බවට පත් වුවහොත් නියත වශයෙන්ම තම සේවා දායකයාගෙන් මුදල් මංකොල්ල කන , නීතීඥ වෘත්තියට නිඟා දෙන නීතිවේදියකු හෝ විනිසුරුවරයෙකු බවට පත් වේ. එවැනි නීති වෘත්තිකයන් ඕනා තරම් අපට දැක ගත හැකිය. එසේම විශිෂ්ඨ අයද දැක ගත හැකිය. ඉවරදී නොවන වෘත්තිකයන් බිහි වන්නේ මා සදහන් කල පරිදි නිසි ලෙස තේරුම් නොගැනීම සහ ඉගෙන ගෙන නොතිබීමයි. ඔවුන් බොහෝ විට සිදු කරන්නේ තම දත් නීතියේ හිඩැස් භවිතා කරමින් අයහපත් ලෙස හැසිරීමයි. හුදු ආත්මාර්තකාමීත්වයෙන් තොර පුරවැසියෙක් වීමට වග බල ගත හොත් නිවහල් , නිදහස් මනසකින් මිය යාමට හැකි වනු ඇත.
අප මුලින්ම මේ ඉගෙන ගනිමින් සිටින්නේ “ නීතියේ ඉතිහාසය මානව ශිෂ්ඨාචර සමග බැදී ඇති ආකාරය” යන මාතෘකාව පිළිබදවය. අතීත මානවයා ගොඩ නගාගත් මෙම නීතිය නොහොත් සිරිත් සහ විරිත් යන කොටස් ගොඩ නගාගෙන , ඒ අනුව තම ජීවිතය පවත්වාගෙන යාමට කටයුතු කර ඇත. සිරිත් යනු පවත්වාගෙන යා යුතු යහපත් ක්‍රියාවන්ය. විරිත් යනු අත් හල යුතු අයහපත් චර්යාවන්ය. යහපත් දේ කිරීමත් අයහපත් දේ අත් හැරීමත් මත දියුණු කරගත් සිරිත් මත ආදී මිනිසාගේ සමාජ පැවැත්ම ඇති කර තිබේ. නිසි නායකත්වය, නිසි දර්ශනය, නිසි තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම , අනාගත පරපුර ජීවත් කරවීම, ඔවුන්ට නිසි දර්ශනයක් ඇති වන ලෙස තම කටයුතු කිරීම ආදී යහපත් පාලනයන් තුල තම කටයුතු මැනවින් ඉටු කල බව ආදී මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තුලින් දැකිය හැකිය. තම නායකයන්ගේ අනසක පිළිගැනීම ඔවුන් මැනවින් සිදු කර තිබෙන බව දැකිය හැකිය. ශ්‍රී ලංකාව තුල පැවති බව සැලකෙන “වරිග සභාව “ වැනි දේ ඊට ඉතාම හොද නිදසුන් ලෙස දැකිය හැකිය. ඒ අනුව ඉතාම පැහැදිලිව හඳුනා ගත හැක්කේ , “ ප්‍රාග් ෛඑතිහාසික ගෝත්‍රික හැඩ ගැස්ම වර්තමාන සමාජ ගත නීති පද්ධතිවල මුල් බවට හඳුනා ගත හැකිය. (දෙෙරණ රූපවාහිනිය විසින් වරිග සභාව පිලිබදව ෙෙගන එන ලද වාර්තාමය වැඩ සටහන පහතින් දක්වා ඇත) (https://www.youtube.com/watch?v=lbaEvAmgX2E)
ඒ අනුව අවසාන වශයෙන් ඔබ නීතියේ ආදී කාලීන පැවැත්ම පිලිබඳව සමාජ විද්‍යාත්මක සන්දර්භ ඔස්සේ හදුනා ගත යුතුය. නීතිය ශක්තිමත් වීම සහ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම මෙන්ම නීතිය බිඳ දැමීම තුලින් සමාජයට සිදු වන හානිය සහ සමාජ පරිහානිය සිදු වන අයුරු මනාව හදුනා ගැනීමට ඔබ උත්සුක විය යුතුය. සමාජය බිද දැමීම නොව, සමාජය ගොඩ නැගීම අපගේ ප්‍රථම වගකීම බව අමතක නොකළ යුතුය.
දෙවන පාඩමෙන් හමුවෙමු. ( සිරිත් සහ නීතිය )