මහ බැංකු අධිපති ධූරය ශ්‍රී ලංකාවේ පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයට ඇතුළත් කිරීම සඳහා රජය තීරණයක් ගෙන ඇත.
ඒ අනුව මහ බැංකු අධිපති ධූරය , පුද්ගල ධූරාවලියේ පස්වන ස්ථානය වශයෙන් සැලකෙන විපක්ෂ නායක ධූරය, කැබිනට් අමාත්‍ය ධූර, ෆීල්ඩ් මාර්ෂල් ධූරය යන ධූරයන් හා සම තත්ත්වයේ පවතින්නක් ලෙස සැලකේ.
එමෙන් ම මෙරට පුද්ගල දූරාවලියේ ප්‍රථම ස්ථානය පිරිනැමෙන්නේ ජනාධිපතිවරයාට වන අතර දෙවන ස්ථානය හිමිවන්නේ අග්‍රාමාත්‍යවරයාට මෙන් ම තෙවන ස්ථානයේ කථානායකවරයාත් සිව්වන ස්ථානයේ අගවිනිසුරුවරයාත් පසුවේ.