ඊයේ (03) රාත්රියේ රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ ලෙල්ලුපිටිය ප්රදේශයේ දී වන්දනාවේ ගිය බස් රථයක් අත් ට්රැක්ටරයක පිටුපස ගැටී සිදු වූ අනතුරින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර කුඩා දරුවෙකු ඇතුළු අට දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ .
බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙලෙස බස් රථය අත් ට්රැක්ටරයේ පිටුපස ගැටී ඇති අතර එම අත් ට්රැක්ටරයේ ගමන් ගත් කාන්තාව එම අවස්ථාවේ දී මාර්ගයෙන් ඉවතට විසි වී ගොස් බස් රථයට යට වී තිබේ.
තුවාල ලැබු පිරිස රත්නපුර රෝහලට ඇතුළත් කළ බව සදහන්.