මෙරට එල්. එන්. ජි. විදුලි සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ පක්ෂ 11 ක සාමාජිකයන් සමග අද උදෑසන බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවෙන් පසු පැය 48 ක වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප්රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්රකාශ කළේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ““ආණ්ඩුව අපිට කියනවා. වැඩවර්ජනයකට පලයල්ලා. අඳුරේ තියපල්ලා. එතකින් මෙහා අපි මේ නරුම ප්රතිපත්තිය මේ ගිවිසුම අකුල ගන්නේ නැහැ කියලා..ඒ නිසා අපි ජනතාවට කියනවා. මේ තුවාලය සුව කරන්න ඔබට අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක්. අපි රට අඳුරට පත් කරනවා වැඩ වර්ජනයකට යනවා ” යනුවෙන් ප්රකාශ කරන ලදී