අද (28) දිනයේ ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ආදළ රැස්වීම ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද ඊට ආරාධනා කර ඇත.
එහිදී යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු කිහිපයත් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අද පස්වරු 5.30ට අදාළ රැස්වීම පැවැත්වීම නියමිතව ඇත.