කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පවසා ඇත්තේ ඩොලරයේ අගය වෙනස්වීම සලකා ගොවි ජනතාවට අවශ්‍ය යූරියා පොහොර රුපියල් 9,000 කට අඩු මිලකින් ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා අද (08) දින පාර්මේන්තුවේදී අදහස් දක්වමින් ඒ බව සඳහන් කළ ඇති අතර වැඩි දුරටත් අදහස් දක්වමින්.“පොහොර මිලේ අඩුවීමක් දකින්ට ලැබෙනවා. ඒක ඇත්ත. අපි රජය විදිහට ගෙනාපු පොහොර තියෙන්නේ වැඩි මිලට ගෙනාපු පොහොර. ලෝක වෙළෙඳපොලේ මිල අඩුවීම සහ ඩොලරයට සමානුපාතිකව රුපියල ශක්තිමත්වීම සමග ඊළඟට එන පොහොර නැවේ ඉදලා රුපියල් 9,000කට පහළින් මිලකට පොහොර ලබාදෙන්න කටයුුතු කරනවා. ලබන සතිය තුළම ඒ වාසිය අපි මේ රටේ ජනතාවට ලබාදෙන් කටයුතු කරනවා. අපි බණ්ඩි පොහොර ගෙනත් තියෙන්නේ 19,500ක්. ඒ බණ්ඩි පොහොර රුපියල් 4,500ක් අඩුකරලා රුපියල් 15,000 බැගින් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ගොවි ජනතාවට නොමිලේම මේ වනවිටත් ලබාදීලා තියෙනවා. ඒ නිසා මේ වතාවේ යල කන්නයේදී පොහොර වර්ග 3ම, කන්න 3කට පස්සේ තමයි මඩ පොහොර ටික දෙන්නේ.“