මේ දිනවල දිවයිනේ පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර ඇත.
ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කරන්නේ මේ වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු 08ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවයි.
මේ නිසා කලාඔය සහ ලුණු ඔය අවට පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙසට උපදෙස් ලබා දී ඇත.