බොහෝමයක් ගොවි ජනතාව රසායනික පොහොර ඉල්ලමින් උද්ඝෝෂණවල නිරතවන පසුබිමක මේ වන විට ඇතැම් ප්‍රදේශවල ගොවීන් කාබනික පොහොර යොදාගනිමින් මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කර ඇත.
බකමූණ – දමනයාය ප්‍රදේශයේ සහ පොළොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගල ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ඇලවේලි සකස් කිරීම ආරම්භ කර ඇත.
එමෙන් ම මහවැලි එච් කලාපයේ ගොවීන් ද කාබනික පොහොර භාවිතයෙන් වගාකටයුතු ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටියි.