අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජය පත්‍ර කංසා පාදක නිෂ්පාදන සිදු කිරීම උදෙසා පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් ,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති අතර ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ සඳහා පවතින නීතිරීතිවලට අනුකූලව ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය වගා කිරීම හා ඒ ආශ්රිත නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශ ලබා දීමට සහ නියාමන රාමුවක් සකස් කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත පැවරෙන බව සඳහන් වේ.
එමෙන්ම මේවා අපනයනය සඳහා අදාළ ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම , ආයෝජන සැලැස්ම තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ කාල රාමුව සකස් කිරීම ඇතුළුව ආයෝජකයන් සමඟ එකඟතාවකට පැමිණීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පැවරෙන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින භූමියක හෝ එවැනි භූමියක් නොමැති නම් රජයට අයත් භූමියක් ආයෝජන මණ්ඩලට වෙත පවරා ත්‍රෛලෝක විජය පත්‍ර වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.