ශ්රී ලංකාවේ බෞද්ධ දර්ශනය සහ ඒ සමග බැඳී පවතින ඉතාම ඉපැරණි සංස්කෘතිය පවත්වාගෙන යාමට තිබෙන විශිෂ්ඨතම ස්ථානයන වන්නේ ඉතාම ඉපැරණි දේවාලයි. නමුත් එම දේවාලවල ගිහි බාරකරුවන් බහුතරයක් මේ වන විටත් සිදුකරමින් පවතින්නේ, එම දේවාලවල විනාශය සිදුකරමින් හෙළ ඉතිහාසය මකා දමන කටයුතුය. ඉන් බෞද්ධ දර්ශනයට සිදුව තිබෙන හානිය පිලිබඳව ශ්රී ලංකාවේ කිසිම වගකිව යුතු ආයතනයක් අවධානය යොමුකර නැත.
ඒ අකාරයෙන්ම දුෂණ මෙන්ම වංචා වලින් පිරී බෞද්ධ දර්ශනයට දැඩි හානියක් සිදුකල තවත් බාරකරුවන් සහිත දෙවාලයක් ලෙස බදුල්ල, හල්දුම්මුල්ලේ, සොරගුණේ ගම්මානයේ පිහිටි සොරගුණේ කුඩා කතරගම දේවලයේ බාරකරුවන් හදුනාගෙන තිබේ. ඔවුන්ට එරෙහිව පරීක්ෂණද පැවැත්වේ. නමුත් එම පරීක්ෂණ තවමත් අවසන් වී නැත. එයද රාජ්ය පරිපාලන නිලධාරීන්ගේ වරදක් වේ. එවැනි පරීක්ෂණ මාස ගණන් පවත්වාගෙන යාමෙන් චෝදනා ලද පාර්ශ්වයටද සිදුවන්නේ දැඩි අගතියකි.
එම දේවාලයේ බස්නායක නිලමේවරයෙකු තෝරාගැනීමේ නිලවරණය හෙට (13) හවස දෙකට පමණ බදුල්ල දිස්ත්රික් ලේඛම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ. අවුරුදු ගණනාවක් පුරා පිඩාවට පත්ව සිටි සොරගුණේ ගම්වැසියන් විශාල ප්රමාණයක් එකතුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් සහ හෙට (13) චන්දය ලබාදීමට සුදුසුකම් ලබා තිබෙන ප්රාදේශීය ලේඛම්වරුගෙනුත් විශේෂ ඉල්ලීමක් කර ලිපියක් යොමුකර තිබේ.
මෙම ප්රදේශීය ලේඛම්වරුන් චන්දය ලබා දෙනුයේ සොරගුණේ ගම්වාසීන් වෙනුවෙනි. එම ගම්වාසීන්ගේ ඉල්ලීමට අනුව අදාළ නිලමේවරයා පත්කරගැනීමට ප්රාදේශීය ලේඛම්වරුන්ට සිදු වේ. කෙස් නමුත් සෑම දේවාලයකම පවතින නිලවරණවලදී අල්ලස් ලබාගැනීමට කටයුතු කිරීම පුරුද්දක් බවට පත්ව තිබේ. අල්ලස් දෙන පුද්ගලයන් සහ අල්ලස් ලබා ගන්නා පුද්ගලයන් බෞද්ධ දර්මයට සිදුකරනා හානිය සුළුපටු නොවේ.
කෙසේ නමුත් මෙම ගම්වාසින් ජනාධිපතිවරයාගෙන් සහ අදාල බලධාරින්ගෙන් ඉල්ලා තිබෙන්නේ තම නින්දගමේ බාරකරු ලෙස චරිත නුගවෙල මහතා පත්කර දෙන ලෙසයි. ඔහු මේ වන විට එහි තාවකාලික බස්නායක නිලමේවරයා ලෙසද කටයුතු කරයි. අදාළ ලිපිය කොළ 35 ක් පමණ විශාල වන අතර එම ලිපිය පහතින් කියවිය හැකිය . ( දිගුව මත ඔබන්න. එවිට ලිපිය බැලිය හැකිය)
යාවත්කාලින කිරීම – මෙම ලිපියට අත්සන් 600 කට වඩා ලැබී තිබෙන්නේ පැය 4 ක් ඇතුලත බවත්, තවත් අත්සන් සියගන්නාවක් මෙම ලිපියට යෙදීමට තිබෙන බවත් සොරගුණේ ගම්වාසීන් සදහන් කරයි.
https://drive.google.com/file/d/1jwu-LD5ACbFcyLEeMNCFo5bzMacugzc5/view?usp=drive_link
පෙර ලිපි –