ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමට ආධාර අනුබල දෙමින්, එම ස්ථාන වැනසීමට කටයුතුකළ අධ්‍යක්ෂක ජනරාල්වරයා අද ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබේ.
මෙම අධ්‍යක්ෂක ජනරාල්වරයා හිතා මතාම මෙරට වැදගත් පුරවිධ්යත්මකස්ථාන වාන්සිම සදහා කටයුතු කර තිබෙන අතර ඔහුට කර තිබෙන බොහෝ පැමිණිලිවලට අවශ්‍ය නීතිමය කටයුතුද සිදුකර නැත. ඔහු සමග එක් වූ මෙරට සමහර චීවරධාරීන් පවා සිදුකර තිබෙන්නේ වටිනා ඉතිහාසය විනාශ කිරීමයි. මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුල පවා නොකළ හැකි බොහෝ දේවල් කිරීමට මොහු අනුමැතිය දී තිබේ. නීතියෙන් නොකළ හැකි දේවල් කිරීමට මොහුටද බලයක් නැත. එහෙත් ඔහු එසේ සිදුකර තිබේ.
මෙරට බොහෝ ඉපැරණි වටිනා ස්ථාන මේ වන විටත් විනාශ වෙමින් පවතින්නේ මොහුගේ වරදිනි. මෙරට පැරණි ඉතිහාසය වැනසීමේ අන්තර්ජාතික කුමන්ත්‍රණකරුවෙකු සේ හැසිරුණු මෙම අධ්‍යක්ෂක ජනරාල්වරගෙන් මෙන්ම එම ආයතනයේ සිටින බොහෝ නිලධාරීන් සිදුකරනුයේ මෙරට ඉතිහාසය විනාශ කිරීමයි. ශ්‍රී ලංකාව තුල තිබෙන ඉතාම වටිනා ස්තානයන් සොයා ඒවාට පුවරුවක්වත් යෙදීමට නොහැකි පුරාවිද්‍යා නිලධාරින් විසින්ම විනාශ කරනු ලබන ස්ථානයන් බහුලව මෙරට තිබේ. ශ්‍රී lanka පොලිස් දෙපාර්තමේන්තුවේද සිටින අති බහුතරයක් නිලධාරීන් පුරාවිද්‍යා ආඥා පනත ගැන නොදන්නා නිසා මෙන්ම සහ රාජ්‍ය සේවකයන් ලෙස ඔවුන් අතර තිබෙන බැඳීමද නීතිය ක්‍රියාත්මක නොවීමට බලපා තිබේ.
මෙවන් අධ්‍යක්ෂක ජනරාල්වරු පමණක් නොවේ, එවන් රාජ්‍ය නිලධාරින් සිදුකරනුයේ මෙරට විනාශ කිරීම බැවින් ඉල්ලා අස් වූ පමණින් ගැටළු විසදෙන්නේ නැත. ඔවුන්ට එරෙහිව අවශ්‍ය පරීක්ෂණ සිදුකර ඔවුන්ගේ විශ්‍රාම වැටුප් පවා අහිමිකළ යුතුය. එය එසේ කල යුත්තේ සත්‍ය ලෙසම අවශ්‍ය විමර්ශන සිදුකරමිනි.
අදාළ අධ්‍යක්ෂක ජනරාල්වරයා සමයේ අප වාර්තා කල, නමුත් ඒවා සුරැකීමට කටයුතු නොකළ වාර්තා කිහිපයක් පහතින් දැක්වේ. මේවට මෙසේ උනේ නිතියක් තිබෙන නමුත් ඒවා ක්‍රියාත්මක අර ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය නැති නිසාය.