අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට රටට ආදරෙන් සෑම නගරයක් ගමක් පාසාම බිත්තිවල තාප්පවල සිතුවම් අඳිමින් සිටි තරුණ තරුණියන් මේ වන විට රටින් පිටවීමට පාස්පෝට් පෝලිමේ සිටින්නේ ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි.
එලෙස සිතුවම් කිරීමට යොමු වූයේ රජයේ හෝ වෙනත් කාගේවත් අධාර උපකාරයකින් නොවන බවත් ඔවුන්ගේම වියදමින් බවත් කිසිවෙකුගේ ඇරයුමක් මත සිදු වූවක් නොවන බවත් අවම වශයෙන් ඔවුන් සිය නමක් හෝ එම සිතුවමක ඇතුලත් නොකළ බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත.
මෙලෙස සිතුවම් කරමින් තරුණයන් පෙන්වා දුන්නේ පක්ෂ දේශපාලනයන් රට අවලස්සන කර ඇති බවත් මේ අවලස්සන දේශපාලනයෙන් රටත් අවලස්සන කිරීමට ඉඩ නොදිය යුතු බවත් අගමැතිවරයා සඳහන් කර ඇත.
රටේ තරුණ තරුණියන් බහුතරයක් මේ වන විට පාස්පෝර්ට් පෝලිමේ සිටින්නේ මන්ද යන්න සොයා බැලිය යුතු කරුණක් බවයි අගමැතිවරයා එහිදී අවධාරණය කර සිටියේ.
අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරයට එක්වෙමින් මෙම අදහස් දක්වා ඇත.