වරකාගොඩ පොලිසිය මගින් විද්යුත් ක්රමයට ටොනික් මූඩි උපයෝගී කරගනිමින් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඒ වරකාගොඩ ගොඩපොරහේන ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි ජෝනා යන අනුවර්ත නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකු වේ.
පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔහු ඔහුගේම නිවසේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් ඉතා සූක්ෂම ලෙස ටොනික් පියන් ඇතුලත රුපියල් දෙදහසක් වටිනා හෙරොයින් සගවා විවිද මාර්ග වල නොයෙක් ස්ථානවල තබා විද්යුත්ක්රමය ඔස්සේ මුදල් ලබාගනිමින් මෙම ජාවාරම සිදු කර ඇති බව පොලිසිය විසින් සිදුකරන ලද මුලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇත.
සැකකරු මේ ආකාරයට වරකාගොඩ, නෑබඩ, ඉද්දගොඩ තෙබුවන, දොඩම්ගොඩ ආදී ප්රදේශවල හෙරොයින් බෙදාහැරීම් හා අලවි කිරීම් සිදු කොට ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.