නව ගිනස් වාර්තාවක් තබමින් යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ශල්‍යකර්මයකින් ඉවත් කළ පුවතක් වාර්තා වේ.
යුද හමුදා රෝහලේ ජන්‍ය මුහුත්ර ලිංගික ඒකකයේ ප්‍රධානී මෞතික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිතන් කර්නල් කේ.සුතාර්ෂන් කපිතාන් වෛද්‍ය ඩබ්ලිව් .පී.එස්.සී පතිරත්න ඇතුළු වෛද්‍යවරු පිරිසක් සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කර්නල් යූ.ඒ.එල්.ඩී. පෙරේරා සහ කර්නල් සී.එස් .අබේසිංහ යන මහත්වරුන්ගේ සහයෙන් මෙම ශල්‍යකර්මය සිදු කර ඇති බව සදහන්.
ඒ අනුව වකුගඩුවෙන් ඉවත් කළ මෙම ගලෙහි දිග සෙන්ටිමීටර් 13.372 ක් සහ එහි බර ග්‍රෑම් 801ක් බව සදහන්.
දැනට ගිනස් වාර්තාවට අනුව දිගින් වැඩිම ගල 2004දී ඉන්දියාවේ රෝහලකදී සහ බරින් වැඩිම ගල ග්‍රෑම් 620ක වූ ගලක් 2008 දී පාකිස්තානයේදී ඉවත් කර ඇත.