සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරකට ලක්වීමෙන් දකුණු ග්‍රීසියේ මුහුදු ප්‍රදේශයේ දී පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේ ඒ තුළ පුද්ගලයින් 750 ක පමණ පිරිසක් සිට ඇති අතර ඉන් 100කට අධික පිරිසක් බේරාගෙන තිබේ. තවත් සංක්‍රමණිකයින් 100 කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරතිබේ.
මෙම අනතුර ග්‍රීසියේ සිදුවු විශාලතම සංක්‍රමණික යාත්‍රා අනතුර වන බවත් මෙම අනතුර හේතුවෙන් එරට බලධාරීන් විසින් ග්‍රීසියේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවත් වාර්තා වේ.