පරයානකුලම් පොලිසිය සදහන් කර ඇති ආකාරයට වවුනියාව මන්නාරම මාර්ගයේ පූවරසකුලම් කන්නාට්ටි ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස ධාවනය කෙරු ලොරි රථයක් රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් මාර්ගය අයිනේ රැදී සිටි මවක් සහ දියණියක් ජීවිතක්ෂයටපත්ව ඇති බව වාර්තාවේ.
මියගිය මව සිය දියණිය පූවරසකුලම් විදුහල වෙත යැවීම සඳහා බස්රථයක් පැමිණෙන තෙක් මාර්ගය අයිනටවී සිට ඇති අතර අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් පැමිණි ලොරි රථය දෙදෙනා අනතුරට පත්කොට ඇති බවයි පොලිසිය සදහන් කර ඇත්තේ..
වාර්තාවන ආකාරයට අනතුරින් බරපතල තුවාල ලැබූ මව සහ දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වවුනියාව පූවරසකුලම් කන්නාට්ටි හි පදිංචි සිවලෝගනාතන් සුබෝගිනි නැමති 36 හැවිරිදි මව හා ඇඟේ දියණිය වන පූවරසකුලම් විදුහලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිවලෝගනාතන් දිනුසිකා නැමති හය හැවිරිදි දැරියක බව සදහන් වේ.