රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් වසමේ දිගින් දිගටම සිදුවූ විවිධ අපචාර අප පෙන්වා දෙන ලදී. ඒවා පෙන්වාදීමෙදී රක්වාන හිටපු පොලිස් ස්ථානාධිපති වරයා ස්ථාන මාරු කර යැවීමට පොලිස් මුලස්ථානය කටයුතු කල අතර එම වැරදි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය රත්නපුර දිසා භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා ස්ථාන මාරු කර යැවීමට පොලිස්පති වරයා කටයුතු කරන ලදී. එය එසේ වීම වැරදි බව අප දිගින් දිගටම පෙන්වා දෙන ලද නමුත් නීතිය වෙනුවට අවිනීතිය ක්‍රියාත්මක කිරීමට බලය ලබා දීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු මේවන විට මිය ගොස් තවත් දෙදෙනකු රෝහල් ගත කොට තිබේ. ඔහුන් එසේ මිය ගොස් ඇත්තේ මෙම පහත වීඩියෝව මගින් පෙන්වාදෙන අනවසර නීතිවිරෝධී පතල් පොළ තුළදීය.
මෙම පතල් පොළ රක්වාන රත්නපුර මාර්ගයේ සිට මීටර් 300ක් වැනි දුර ප්‍රමාණයක් ඇතුලත පිහිටි ප්‍රධාන අතුරු මාර්ගයක පිහිටා ඇත. මෙම පතල් පොළ නිසා ගම්මානයට යාමට තිබෙන ප්‍රධාන පාලමද ගිලාබැසීමේ අවධානමක තිබෙන බවද අප පෙන්වාදෙන ලද්දේ මීට මාස කිහිපයකට පෙරය.
රත්නපුර හිටපු පොලිස්පති වරයා නීතිය ක්‍රියාත්මක කිරීමට ගොස් මාරු කර යැවුවත් පසුව පැමිණි නියෝජ්‍ය පොලිස්පති වරයාද නිද්‍රා සුවයෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මරණ දෙක සිදුව තිබේ. එයට රත්නපුර කොට්ඨාශ භාර ජෙය්ෂ්ඨ පොලිස් අධිකාරීවරයාද මෙම මරණ පිළිබදව වග කිව යුතුය. ඒ තම පොලිස් බලප්‍රදේශය තුල සිදුවන වැරදි පිළිබදව පෙන්වා දී තිබියදීත් ඒවා නැවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති නිසාය. එසේම සහකාර පොලිස් අධිකාරීවරයා සමග රක්වානට පැමිණි නව ස්ථානාධිපතිවරයා මේ සදහා වග කිව යුතුමය.
අප මීට මාස කිහිපයකට පෙර මෙම ස්ථානයට ගොස් ගවේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය සහය ලබා දී තිබේ. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප අපගේ ජාතික වගකීම ඉටුකලද මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කල යුතු පොලිස් නිලධාරීන් මෙම පතලේ කොටස් කරුවන් නම් නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද.
එබැවින් ප්‍රථමයෙන් කල යුත්තේ මිනී මරණ, වංචා කරන, දුෂිත ක්‍රියාවල යෙදෙන හා මහජන තනතුරු අවභාවිතා කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය. මාධ්‍ය ආයතන හා මාධ්‍ය වේදීන් තම යුතු කම් ඉටුකලද මහජන මුදලින් යැපෙන මෙවැනි සමහර පොලිස් නිලධාරීන් නිසා රටක් ඉදිරියට යන්නේ කෙසේද? අනවසර මැණික් පතල් නිසා තව තවත් මිනිසුන් මිය යාම වැලක්වීමට නම් අපගේ පුවත් වලට අදාලව ක්‍රියාත්මක නොවූ ප්‍රදේශයේ වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට ලංකා දන්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ඒ අනුව රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රදේශය භාර ජෙය්ෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙන්ම රත්නපුර දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පති වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුත්තේ දණ්ඩ නීති සංග්‍රහයට අනුවය. කෙසේවෙතත් රත්නපුරයට පැමිණි නව නියෝජ්‍ය පොලිස්පති වරයා මෙම සිද්ධීන් පිලිබදව දැනුවත් නොමැති නම් පහල සිටින නිලධාරීන් තිදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඔහුගේ රාජකාරීමය වගකීම වේ.
අප මීට පෙර මෙම පතල් පිලිබදව පලකළ පුවත්
https://www.ravanalankanews.lk/rakwana-olcs-mine-threatens-bridge-collapse/https://youtu.be/pqEPDWnp_Ss