මුලතිව් කුරුන්දි පුදබිම කිසි ලෙසකින් කෝවිලක් නොවන අතර එහි සිදුකළ කැනීම්වලින් එය බෞද්ධ විහාරස්ථානයක් යැයි තහවුරු වී ඇති බවට පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මතුව ඇති තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීමට විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබේ.
“මම 1964 කුරුන්දිමලේට ඉස්සෙල්ලාම ගිය වෙලාවේ ඒ ළඟ පොඩි පැළක් ගහගෙන හේනක් කරගෙන හිටිය ද්‍රවිඩ මනුස්සයෙක් හම්බවෙලා කිව්වා මේ ස්ථානයට බුදුහාමුදුරුවොත් වැඩියා කියලා විශ්වාසයක් තියෙනවා කියලා ඒ පළාතේ ඉන්න සමාන්‍ය ජනතාව අතර. පසුගිය දවස්වල සමහර ද්‍රවිඩ දේශපාලනඥයෝ කෝවිලක් තිබුණ තැනක් හැටියට ලෝකයට ප්‍රකාශ කරලා තිබුණා. නමුත් මේක කිසිම විදියකින් කෝවිලක් නෙමෙයි. 100%ක්ම බෞද්ධ විහාරයක් බව කැනීම්වලින් පසුව සෙල්ලිපිවලින් හොඳටම අනාවරණය වුණා. නමුත් මේ වැරදි මතය මත පිහිටලා සමහරු තාමත් ඉඩකඩම් සෑහෙන ප්‍රමාණයක් වැසියන් අතර බෙදාදීමට ක්‍රියාකරන බව අපට දැනගන්න ලැබිලා තියෙනවා. මේක වැරදි වැඩක්. ඒ නිසා දෙමළ දේශපාලනඥයෝ මේක දැනගන්න ඕනේ සාධාරණව එකඟතාවයෙන් හැමදෙනාම කටයුතු කළ යුතුයි කියලා.”