කොළඹ – මඩකලපුව මාර්ගයේ පාතකඩ ප්රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරින් එක් යතුරුපැදියක පැදිකරු , පසු පැදිකරු සහ කුඩා දැරියක් තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අනෙක් යතුරුපැදියේ පැදිකරු සුළු තුවාල ලබා ඇති අතර ඔහු පැල්මඩුල්ල රෝහලෙන් ප්රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇති බව සඳහන්.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අකරැල්ලවත්ත පහළ කොටස , ඕපනායක ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පැලමඩුල්ල පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.